ජපානයට අධික හිම පතනයක්

දෙසැ 28, 2021

    ජපානයට බලපා ඇති අධික හිම සහිත කාලගුණය හේතුවෙන් ගුවන් ගමන් 100 කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර ඇත.

    හිම පතනය දැඩිව බලපා ඇත්තේ, ජපානයේ උතුරු හා බටහිර ප්‍රදේශවලටයි. ජනතාවට නිවෙස්වලම රැඳී සිටින ලෙස බලධාරින් උපදෙස් ලබාදී තිබෙනවා. ජපානයේ හිම පතනය, සෑම වසරකම ආරම්භ වන්නේ දෙසැම්බර් මාසයේදී. මෙවර වෙනදාට වඩා ජන ජීවිතය අඩාල කරමින් වාර්තාගත හිම පතනයක් සිදුව තිබෙනවා. නත්තල් දින හා ආසන්නව ආරම්භ වූ හිම පතනය තවත් සතියක පමණ කාලයක් පැවතිය හැකි බවයි, බලධාරින් පවසන්නේ.

    විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, මාර්ග හිමෙන් වැසීයාම හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක ගමනාගමනය අඩාල වී ඇති බවයි. එලෙස ගමනාගමනය අඩාල වූ මාර්ගවල රියදුරුන් සියගණනක් අතරමංවී සිටින බව, වාර්තා වනවා. ටෝකියෝ අගනුවර සිට ආරම්භ වන කනෙට්සු අධිවේගී මාර්ගයේ සිරවී සිටින රියදුරන්ට ආහර, ඉන්ධන සහ හිම පතනයට මුහුණ දීමට අවශ්‍ය ඇඳුම් ලබාදීමට බලධාරින් පියවර ගෙන තිබෙනවා. හිමෙන් වැසී ගිය මාර්ග පවිත්‍ර කිරීම හා අවතැන් වූ ජනතාවට සහන සැලසීමේ සේවා මේ වන විට ක්‍රියාත්මකයි.

    Latest News