කොවිඩ් සුනාමියක් ගැන WHO අනතුරු අඟවයි

දෙසැ 30, 2021

    ඩෙල්ටා සහ ඔමික්‍රොන් කොවිඩ් වෛරස් ප්‍රභේද ලොව පුරා පැතිර යාමේ ශීඝ්‍රතාව සලකා බැලීමේ දී එය කොවිඩ් සුනාමියක් බවට පත්විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රියිසස් මේ බව සදහන් කර ඇත්තේ අමෙරිකාවේ සහ යුරෝපය පුරා රටවල්වල නව ආසාදිතයින් වාර්තාවීමත් සමඟය.

    යුරෝපා රටවල් රැසක වාර්තාගත ඔමික්‍රොන් ආසාදිතයින් සංඛ්‍යාවක් දෛනික ව වාර්තා වන අතර, ප්‍රංශයෙන් දෛනික වැඩි ම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වූ අතර එම ආසාදිතයින් ගණන 28,000කි.

    එසේම ජෝන්ස් හොප්කින්ස් දත්තවලට අනුව, අමෙරිකාවේ පසුගිය සතිය තුළ දිනකට රෝගීන් 265,427 ක් වාර්තා වී ඇත.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 දෙසැම්බර් 2021 11:06

    Latest News