'ස්පයිඩර් මෑන්' ඩොලර් බිලියනයක් උපයයි

දෙසැ 29, 2021

    කොවිඩ් වසංගත සමයේ ලොව පුරා තිරගත වූ ස්පයිඩර් මෑන් නවතම චිත්‍රපටය වන No Way Home ඩොලර් බිලියනයක වාර්තාගත ආදායමක් උපයා ගැනීමට සමත් වී තිබේ.

    එම වාර්තාවට මීට පෙර හිමිකම් කීවේ ඩොලර් මිලියන 905ක් ඉපැයූ චීනයේ නිෂ්පාදිත කොරියානු යුද වීර කථාවක් වන බැට්ල් ඔෆ් ලේක් චැන්ග්ජින් චිත්‍රපටයයි.
    කෙසේ වෙතත් අවසාන වතාවට ඩොලර් බිලියන 1ක ආදායමක් ඉපැයූ සිනමා නිර්මාණය වූයේ 2019 දී එළි දැක්වූ ස්ටාර් වෝස් චිත්‍රපට මාලාවේ ද රයිස් ඔෆ් ස්කයිවෝකර් ය.
    කොවිඩ් වසංගතය ව්‍යාප්ත වූ පසුගිය වසර දෙකක කාලය ඇතුළත වෙනත් කිසිදු චිත්‍රපටයක් ඩොලර් බිලියන 1ක ආදායම් සීමාවට ළඟා වී නොමැත.

    Last modified on බදාදා, 29 දෙසැම්බර් 2021 12:08

    Latest News