ඉන්දියාවෙන් එක්ලක්‍ෂ 67 දහස ඉක්මවූ නව කොරෝනා ආසාදිතයන්

ජන 11, 2022

    ඉන්දියාවෙන් එක්ලක්‍ෂ 67 දහස ඉක්මවූ කොරෝනා නව ආසාදිතයන් පිරිසක් ඊයේ හඳුනා ගැනුණා.

    එරට ඔමික්‍රෝන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 4,461ක් දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි, ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර, රාජස්ථාන් සහ කර්නාටක යන ප්‍රාන්තවලින් ආසාදිතයින් වැඩි පිරිසක් හමුවී තිබෙනවා. මේ අතර, සුප්‍රසිද්ධ ඉන්දීය ගායිකා ලතා මංගේෂ්කර් මහත්මියට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. 92 හැවිරිදි ඇය මුම්බායි “බ්‍රීච් කැන්ඩි“ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි, ඇයගේ පවුලේ සාමාජිකයන් පවසන්නේ.

    Latest News