ඇෆ්ගනිස්ථානයේ වැඩ කරන ජනතාවට වැටුප් වෙනුවට ආහාර... BBC

ඇෆ්ගනිස්ථානයේ වැඩ කරන ජනතාවට වැටුප් වෙනුවට ආහාර...

ජන 12, 2022

    ඇෆ්ගනිස්ථානයේ වැඩ කරන ජනතාවට වැටුප් වෙනුවට ආහාර බෙදාදීමේ වැඩසටහන තවදුරටත් පුළුල් කරන බව, තලෙයිබාන් සංවිධානය පවසනවා.

    ඒ අනුව,  දහස් සංඛ්‍යාත පිරිසකට තිරිඟු පිටි ලබාදීමටයි, ක්‍රියාකර ඇත්තේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇෆ්ගනිස්ථානයට මානුෂීය ආධාර ලබාදීම සඳහා ධනවත් රටවලින් ඩොලර් බිලියන 4.4 ක මුදලක් ඉල්ලා තිබෙනවා. තලෙයිබාන් සංවිධානය පාලන බලය අත්පත් කරගැනීමත් සමග එරට ආර්ථික සහ මානුෂීය අර්බුදය අතිශය උග්‍ර වී තිබෙනවා.

    රට දැනට මූල්‍ය අර්බුදයක පවතින බව, තලෙයිබාන් පාලනය ද පිළිගෙන ඇති බවයි, වාර්තා වන්නේ. මේ වන විට කාබුල්හි කම්කරුවන්ට තිරිඟු පිටි ලබාදීමේ වැඩසටහන රටේ සෙසු ප්‍රදේශ වෙතද ව්‍යාප්ත කිරීමට තලෙයිබාන් සංවිධානය සැලසුම් කර තිබෙනවා. මේ සඳහා පෙර පැවති රජයට ඉන්දියාවෙන් ලැබුණු තිරිඟු විටි තොග මේ සඳහා භාවිතයට ගැනෙන බවයි, වාර්තා වන්නේ.

    Latest News