ගෝලීය ප්‍රජාව කොරෝනා ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි; WHO

ජන 19, 2022

    ගෝලීය ප්‍රජාව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රෝස් ආද්නම් ගේබ්‍රියේසස් පවසනවා.

    රෝහල්ගත කිරීම් සහ මරණ සංඛ්‍යාව පාලනය කරගැනීම ජනතාව සතු වගකීමක් බවයි, ඔහු පවසන්නේ. කොවිඩ් වෛරසයේ අවදානම නොසලකා හැරීමෙන් ආසාදිතයන් වැඩි විය හැකි බවයි ඔවුන්ගේ අදහස. එබැවින් රෝහල් පහසුකම් හා ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අනෙකුත් රෝහල්වලට ද ප්‍රතිකාර කටයුතු සඳහා බාධා එල්ල විය හැකි බවයි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පවසන්නේ.

    පසුගිය කාලයේදී ලොවපුරා ඔමික්‍රෝන් ප්‍රභේදය සහිත ආසාදිතයින් මිලියන 18කට අධික සංඛ්‍යාවක් හඳුනා ගෙන ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා. වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ අඩු එන්නත්කරණ අනුපාතයක් සහිත රටවල් කිහිපයක්. මේ තත්වයත් සමඟ ඉදිරි සති කිහිපය තීරණාත්මක බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ.

    Latest News