කොරෝනා වසංගතය ලොවෙන් තුරන් වන කාලය උපකල්පනය කළ නොහැකියි; WHO

ජන 20, 2022

    කොරෝනා වසංගතය ලොවෙන් තුරන් වන කාලය උපකල්පනය කළ නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

    වසංගතය මින් පෙර අපේක්ෂා කළ කාලසීමාව ද ඉක්මවමින් මේ වනවිට ගෝලීය වශයෙන් පැතිර යන බවයි, එම සංවිධානය ප්‍රකාශ කළේ. "ඔමික්‍රෝන්" ප්‍රභේදය විශ්මිත වේගයකින් ලොව පුරා පැතිර යමින් පවතින බව එම සංවිධානය පවසනවා.

    ඉකුත් සතියේ පමණක් මිලියන 18 කට අධික කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් ගෝලීය වශයෙන් වාර්තා වුණා. අමෙරිකාව, ඔස්ට්‍රෙිලියාව සහ ජර්මනිය ඇතුළු ලොව බොහෝ රටවල ආසාදිතයින් වාර්තාගත ලෙස ඉහළ ගියා. කොරෝනා රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන්, එම රටවල සෞඛ්‍ය සේවා පද්ධති පෙර නොවූ ලෙස දැඩි පීඩනයකට ලක්ව ඇතැයි එම සංවිධානය කියා සිටියා.

    Latest News