සුනාමියෙන් සතියකට පසු ටොංගා දූපත් වෙත විදෙස් ආධාර...

ජන 20, 2022

    සුනාමි ව්‍යාසනයකට ගොදුරු වූ ටොංගා දූපත් වෙත විදෙස් ආධාර අද (20) ප්‍රථමවරට ලඟාවුණා.

    ඒ, සුනාමි රළ ටොංගා දුපත් විනාශ කර සතියකට පසුවයි. පසුගිය සෙනසුරාදා ටොංගා දූපත් ආසන්න මුහුදු පත්ලේ පිහිටි හුන්ගා හපායි ගිනි කන්ද පුපුරා ගියා. ඒ සමගම අඩි 04 ක් පමණ වූ සුනාමි රළ ටොංගා දූපත් වෙත කඩා වැදුණා. ඉන් වෙරළබඩ ප්‍රදේශ දැඩි ලෙස හානියට පත්වුණා. කෙසේ වෙතත් වාර්තා වී ඇත්තේ,  මරණ 03 ක් පමණයි.

    මූලික පහසුකම් බිඳවැටීම නිසා ජන ජීවිතය අකර්මන්‍ය වී ඇති බව, සහන සේවකයින් ප්‍රකාශ කරනවා. මේ අතර, ගිනිකන්දෙන් නිකුත් වන අළු නිසා ජනතාව තවත් අනතුරුදායක තත්වයකට ගොදුරු වී සිටිනවා. අද ප්‍රථමවරට නවසීලන්ත හා ඔස්ට්‍රෙිලියානු ගුවන් යානා ටොංගා වෙත ළඟා වුණා. දකුණු ශාන්තිකර කලාපයේ පිහිටි ටොංගා දූපත් ලොව වඩාත්ම හුදෙකලා රාජ්‍යවලින් එකක්.

    Latest News