බූස්ටර් එන්නත් මාත්‍රාවෙන් 90% ක ආරක්ෂාවක්...

ජන 22, 2022

    බූස්ටර් එන්නත් මාත්‍රාවෙන් 90% ආරක්ෂාවක් සපයන බව දේශීය අධ්‍යයනයකින් හෙළිවී ඇතැයි, අමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසනවා.

    එම ආයතනය සිදුකළ නවතම අධ්‍යයන 03 කින් මේ බව තහවුරු වුණා. මෙම එන්නත් මාත්‍රා ලබාගැනීමෙන් රෝහල්ගත කිරීම් අවම කරන අතර, දරුණු රෝග ලක්ෂණ හටගැනීම ද පාලනය කෙරෙනවා. මේ අතර,  අමෙරිකාවෙන් කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස වර්ධනයක් දක්නට ලැබෙන බව,  එරට සෞඛ්‍ය අංශ තහවුරු කර තිබෙනවා.

    ගතවූ පැය 24 තුළ වාර්තා වූ නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 779,000 කට අධිකයි. මරණ සංඛ්‍යාව 2,777 ක්. එරට රජය මේ වන විට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩපිලිවෙල වේගවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. සමස්ත ජනගහනයෙන් 63% කට පූර්ණ එන්නත් ලබාදී අවසන්. බූස්ටර් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල ද ක්‍රියාත්මකයි.

    Last modified on සෙනසුරාදා, 22 ජනවාරි 2022 18:46

    Latest News