අමෙරිකානු තානාපති නිලධාරීන්ට යුක්‍රේනයෙන් ඉවත්වන්නැයි දැනුම් දෙයි

ජන 24, 2022

    යුක්‍රේනය තුළ පවතින අවදානම හමුවේ තම තානාපති කාර්යාල නිලධාරීන් සහ ඔවුන්ගේ ඥාතීන්ට එරටින් පිටවන ලෙස අමෙරිකාව දැනුම් දී තිබේ.

    රුසියාව ලක්ෂයකට අධික හමුදා භට පිරිසක් යුක්‍රේන දේශසීමාවේ රදවා ඇති බවයි වාර්තා වන්නේ.

    යුක්‍රේනය සහ රුසියාව අතර පවතින අර්බුදය සමතයකට පත් කිරීමට විවිධ පාර්ශව ඉදිරිපත් වුවත් රුසියාව තම දැඩි මතයේම රැඳී සිටියි. යුක්‍රේනය නේටො සංවිධානයට එක්කර ගැනීමට රුසියාව විරෝධතාව පළ කරයි.

    රුසියාව ඕනෑම මොහොතක යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක සිටින බවයි අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්ක් ප්‍රකාශ කරයි.

    Last modified on අඟහරුවාදා, 25 ජනවාරි 2022 07:54

    Latest News