'ඩිස්කෝ සංගීත රජු' බප්පි ලහිරි මියයයි

පෙබ 16, 2022
  • ඉන්දීය සිනමාවේ 'ඩිස්කෝ සංගීත රජු' ලෙස සැලකෙන බප්පි ලහිරි අද අභාවප්‍රාප්ත විය. මුම්බායි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගිය බවයි, ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 69ක්.

    සෞඛ්‍ය ගැටලු රැසකට මාසයකට අධික කාලයක් ප්‍රතිකාර ලබා ඔහු රෝහලෙන් පිටව ගොස් ඇත්තේ ඉකුත් සඳුදා. කෙසේ වුවද, යළි රෝගී තත්වය උත්සන්න වීමත් සමග ඔහු රෝහල් ගත කිරීමට පවුලේ සාමාජිකයන් ක්‍රියා කර තිබේ.

    70,80 දශකයේ ඉන්දීය සිනමා සංගීතය නව මාවතකට ගෙන ඒමට බප්පි ලහිරි ක්‍රියා කළේය. ඔහු සංගීත අධ්‍යක්ෂණය කළ 'ඩිස්කෝ ඩාන්සර්' චිත්‍රපටය, එවකට හින්දි සිනමාවේ එතෙක් පැවති සාම්ප්‍රදායික සංගීත රටාව අතික්‍රමණය කළ නිර්මාණයක් ලෙසයි සැලකෙන්නේ. නව ආරක සංගීතය, ඉන්දීය රසිකයන් පමණක් නොව සුවහසක් සංගීත ලෝලීන් මවිතයට පත් කරමින් 'ඩිස්කෝ ඩාන්සර්' චිත්‍රපටය වාර්තා පිට වාර්තා තබමින් තිරගත වූවත්.

    මීට අමතරව 'ඩාන්ස් ඩාන්ස්', 'චල්තේ චල්තේ', 'නමක් හලාල්' වැනි සිනමාවට ගණනාවකට ඔහු සිට සුවිශේෂී සංගීත දායකත්වය ලබා දී තිබේ. ඔහුටම අවේණික වූ උද්වේගි රංගපරම හඩ, එතෙක් මෙතෙක් ඉන්දීය සිනමාවේ අමරණීය ගීත රැසකට එක් කිරීමට ද බප්පි ලහිරි අමතක නොකළේය.

    'ඩිස්කෝ ඩාන්සර්' චිත්‍රපටයේ 'යාද් ආ රහා හේ' ගීතය එදා සිට අද දක්වා ඔහුගේ සංගීත දිවියේ සුවිශේෂිම ගීතය බව සැළකිය හැකි බවයි, විචාරකයන් පෙන්වා දෙන්නේ. මීට අමතරව 'ඌ ලල්ලා', 'තමා තමලෝගේ' වැනි ගීත ද නිකුත් වූ සැනින් අතිශය ජනප්‍රියත්වයට පත් වුණේ, වාර්තා පිට වාර්තා තබමින්.

    Last modified on බදාදා, 16 පෙබරවාරි 2022 10:49

    Latest News