රුසියාවේ න්‍යෂ්ටික බලඇණිය සීරුවෙන්

පෙබ 28, 2022

    රුසියාව සතු න්‍යෂ්ටික බල ඇණිය සීරුවෙන් තබන්නැයි, ජනාධිපති පුටින්ගෙන් එරට හමුදාවට අණ ලැබී තිබේ.

    මෙහි අරමුණ බටහිර රටවලින් එල්ල විය හැකි ප්‍රහාර මැඩ පැවැත්වීමයි.

    රුසියාව, යුක්‍රේනය ආක්‍රමණය කිරීම පිළිබඳ යුරෝපා සංගමය හා බටහිර රටවල් තම අප්‍රසාදය පළ කරයි. අමෙරිකාව ද ඒ අතර වෙයි. තම රටට විරුද්ධව යම් බලයක් ගොඩ නැගෙමින් පවතින බව රුසියානු ජනාධිපති පුටින් පවසයි. තම රටට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල විය හැකි බවට රුසියාව සැකපළ කරයි.

    තම ආරක්ෂාව වෙනුවෙන් පමණක් න්‍යෂ්ටික බලඇණි මෙලෙස සීරුවෙන් තබා ඇති බවයි, ජනාධිපති පුටින් පවසන්නේ. එහෙත්, රුසියාවේ මෙම පියවර හෙළා දකින අමෙරිකා එක්සත් ජනපද, මෙමගින් පවතින තත්වය තවදුරටත් අවුල් ජාලාවක් බවට පත්වන බව කියා සිටියි.

    Last modified on සදුදා, 28 පෙබරවාරි 2022 11:20

    Latest News