චීන රොකට්ටුවකින් චන්ද්‍රිකා 22ක් අභ්‍යවකාශයට

පෙබ 28, 2022

    චීනය, තනි රොකට්ටුවක් ආධාරයෙන් වාර්තාගත චන්ද්‍රිකා සංඛ්‍යාවක් අභ්‍යවකාශගත කරයි. එලෙස උඩුගුවනට යැවුණු චන්ද්‍රිකා සංඛ්‍යාව 22 කි.

    ලෝන්ග් මාච් 8 ප්‍රවාහක රොකට්ටුවක් ආධාරයෙන් ගුවන්ගත කෙරුණු මෙම  නව පරම්පරාවේ චන්ද්‍රිකා සමූහය, චීනය එක් රොකට්ටුවක් මගින් නිකුත් කළ වැඩිම චන්ද්‍රිකා සංඛ්‍යාව වීම විශේෂත්වයකි.

    හයිනාන් පළාතේ වෙන්චන්ග් චන්ද්‍රිකා මධ්‍යස්ථානයෙන් රොකට්ටුව නිකුත් කෙරිණ. කණ්ඩායම් 12 ක් යටතේ චන්ද්‍රිකා මුදාහැරීම සිදුව තිබේ.

    මෙම චන්ද්‍රිකා දුරස්ථ සංවේදී සේවා සඳහා වාණිජ වශයෙන් භාවිතයට ගැනීමට අපේක්ෂිතය. සාගර පරිසර නිරීක්ෂණය මෙන්ම ලැව් ගිනි හා ආපදා වැළැක්වීමේ සේවා සඳහා එම චන්ද්‍රිකා යොදා ගැනෙනු ඇත.  

     

    අරෝෂා සමරදිවාකර - රූපවාහිනී වාර්තාකරු

    චීනයේ බෙයිජිං නුවර සිට

    Last modified on සදුදා, 28 පෙබරවාරි 2022 10:03

    Latest News