ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය විනාශයි

පෙබ 28, 2022

    ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන ඇන්ටනොව් ඒ එන් 225 නමැති ගුවන් යානය විනාශ වී ඇතැයි, විදෙස් මාධ්‍ය පවසයි.

    යානයේ විනාශය පිළිබඳ ස්වාධීන තහවුරු කිරීමක් නොමැති නමුත්, ඇන්ටනොව් සමාගම ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ,විශේෂඥයින් විසින් පරීක්ෂාවට ලක්කරන තුරු යානයේ තාක්ෂණික තත්වය පිළිබඳ තහවුරු කළ නොහැකි බවයි.

    මෙම ගුවන් යානය ටොන් 640ක් බරින් යුක්ත වන අතර එන්ජින් 5කින් ද යුක්තයි. යානයේ පියාපත් විහිදුම් මීටර් 88.4ක් වන අතර ගුවන් භාණ්ඩ රඳවන කොටසේ මෝටර් රථ 80ක් පමණ රැඳවිය හැකියි.

    එමෙන්ම, මීටර් 84ක දිගින් යුතු යානය, රෝද 312කින් සමන්විතයි. යුක්‍රේනයේ 'මෝටර් සිච් සමාගම' හා එක්ව ඇන්ටනොච් සමාගම විසින් නිර්මාණය කරන ලද මෙම යානය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 20ක ඇස්තමේන්තු ගත පිරිවැයක් දරා තිබේ.

    ‘රුසියානුවන් අපේ ‘ම්රියා’ (සිහිනය) විනාශ කළා. ඒත් රුසියාවට බැහැ යුක්රේනයේ සිහිනය විනාශ කරන්න. අපේ සිහිනය විනාශ කරන්න. අපේ නිදහස අපට අහිමි කරන්න. ප්‍රජාතන්ත්‍රවාදය අපෙන් උදුරා ගන්න’ යැයි රුසියන් විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබාගේ ට්විටර් පණිවුඩයක දැක්වෙයි.

    Flight
    2018 වසරේ අප්‍රේල් 18 වැනිදා මත්තල - ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගොඩබස්සවා ඇති මෙම ගුවන් යානය අප්‍රේල් 22 වැනිදා නැවත පිටව ගියේය.

    Last modified on සදුදා, 28 පෙබරවාරි 2022 12:12

    Latest News