ෂේන් වෝන්ගේ මරණයට හේතුව ගැන අනාවරණයක්

මාර් 09, 2022

    දක්‍ෂතම සුපිරි පා දඟ පන්දු යවන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන්ගේ මරණය ස්වභාවික හේතු මත සිදු වූ මරණයක් බව තායිලන්ත පොලිසිය තහවුරු කරයි.

    52 හැවිරිදි වෝන් ගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් කිසිදු සැක සහිත කරණු අනාවරණය වී නොමැති බවයි,බීබීසී පුවත් සේවය තායිලන්ත පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් වාර්තා කර ඇත්තේ.

    සමුයි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා ඇත්තේ වෝන් මිය ගොස් ඇත්තේ කිසිදු අභිරහසක් නොමැති ස්වභාවික මරණයකින් බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පෙන්නුම් කර ඇති බවයි.

    ඔහුට කොවිඩ් ආසාදනය වීමක් නොමැති අතර පහරදීමක් හෝ මිනීමැරුමක් පිළිබඳ කිසිදු සලකුණක් නොමැති බවද සදහන් වෙයි.

    මේ අතර තායිලන්තයේ නියෝජ්‍ය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, "විමර්ශකයින්ට ඊයේ මරණ පරික්ෂණ වාර්තාවක් ලැබී ඇති බවත්, එහිදී අධිකරණ වෛද්‍යවරයෙකු විසින් නිගමනය කර ඇත්තේ ස්වභාවික හේතූන් මත සිදුවූ මරණයක් බවයි." ඔහු තවදුරටත් කියා සිටියේ ක්‍රීඩකයාගේ පවුලේ ඥාතීන් ද මෙම මරණය සැකසහිත මරණයක් නොවන බවට පිළිගෙන ඇති බවයි.

    ෂේන් වෝන් පසුගිය සිකුරාදා තායිලන්තයේදී මිය ගියේ ය. වෝන් අවසන් කාලයේ ඔහුගේ හිටපු බිරිඳ සිමෝන් කොල්හාන් හා දරුවන් තිදෙනා සමඟ සම්බන්ධතා පවත්වා තිබුණි. ඔස්ට්‍රේලියානු රජය ෂේනා වෝන්ගේ දේහය ඕස්ට්‍රේලියාවට රැගෙන එන අතර එහිදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.

    Latest News