අමෙරිකාව, රුසියාවෙන් තෙල් - ගෑස් ආනයනය නවතයි

මාර් 09, 2022

    රුසියාවෙන් ඉන්ධන සහ ගෑස් ආයනයනය, සම්පූර්ණයෙන් තහනම් කිරීමට අමෙරිකානු රජය තීරණය කර තිබේ. ඒ යුක්‍රේනය ආක්‍රමණය කිරීම නිසා රුසියාවට එරෙහිව ක්‍රියාත්මක වැඩපිළිවෙළ තවදුරටත් තීව්‍ර කරමින්.

    රුසියානු තෙල් තවදුරටත් අමෙරිකානු වරායන් වෙත පිළිනොගන්නා බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කරයි. මේ අනූව අමෙරිකාව, රුසියාවට එරෙහිව ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික සම්බාධක තවදුරටත් දැඩි වනු ඇති.

    බ්‍රිතාන්‍යය ද අමෙරිකානු පිළිවෙත අනුගමනය කරමින් රුසියාවෙන් ඉන්ධන ආනයනය කිරීම තහනම් කිරීමටයි, තීරණය කර ඇත්තේ.
    කෙසේ වුවද එම තහනම බලාත්මක වන්නේ මේ වසර අවසානයේ බවයි, විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

    බ්‍රිතාන්‍ය මේ වන විටත් ඉන්ධන අර්බුදයකට මුහුණ දී සිටින අතර රට තුළ පෙට්‍රල් මිල වාර්තාගත ඉහළ යාමක් පෙන්නුම් කිරීම මීට හේතුවයි.

    රුසියාවේ ගෑස් සහ ඉන්ධන ආනයනය තහනම් කිරීම පිළිබඳ තීරණයක් යුරෝපා සංගමය මෙතෙන් ගෙන නැහැ. එම සංගමයේ රටවල් ප්‍රධාන වශයෙන් රුසියානු ඉන්ධන හා ගෑස් මත යැපීම ඊට හේතුවයි.

    Latest News