දකුණු කොරියාවේ ජනාධිපතිවරණය අද

මාර් 09, 2022

    දකුණු කොරියාවේ මීළග ජනාධිපතිවරයා පත් කර ගැනීමේ මැතිවරණය අදයි. මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන 44කට අධික පිරිසක් සුදුසුකම් ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම හේතුවෙන් අද එරට රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. එරට වේලාවෙන් අද උදෑසන 6.00ට ඇරඹි ඡන්ද විමසීම පස්වරු 6.00 දක්වා ක්‍රියාත්මකයි.

    එම කාලසීමාවෙන් අනතුරුව තවත් අමතර මිනිත්තු 90ක කාලයක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වෙන් කිරීමටයි බලධාරීන් තීරණය කර ඇත්තේ. ඒ කොවිඩ් ආසාදිතයන්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දීමටයි.

    කන්සවේටිව් පක්ෂයේ යූන්සුක් යෙයෝල් හා ලිබරල්වාදී පක්ෂයේ ලීජේ මියුන්ග් අතර තියුණු සටනක් පවතින බව මැතිවරණ විශ්ලේෂයකයන් පවසයි.
    මෙවර මැතිවරණයේ පූර්ව ඡන්ද විමසීමේ දී ද වාර්තාගත ඡන්ද දායකයන් පිරිසක් සිය ඡන්දය ප්‍රකාශ කළේය.

    Last modified on බදාදා, 09 මාර්තු 2022 09:45

    Latest News