ද.කොරියානු මැතිවරණයෙන් යූන් සුක් යේඕල්ට ජය

මාර් 10, 2022

    දකුණු කොරියාවේ මැතිවරණයෙන් එරට පාලක පක්ෂය පරාදා කොන්සර්වේටිව් පක්ෂයේ අපේක්ෂක යූන්සුක් යේඕල් ජය ගෙන තිබේ.

    ඔහු මීට පෙර එරට නීතිපතිවරයා ලෙස කටයුතු කර ඇති බව වාර්තා වෙයි. මෙවර මැතිවරණයෙන් යූන්සුක් යේඕල් ජයග්‍රහණය කර ඇත්තේ, 48.6ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්.  පාලක පක්ෂ අපේක්ෂකයා ලබාගෙන ඇත්තේ, 47.8ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.

    මෙය එකිනෙකාට දැඩි ලෙස චෝදනා කර ගනිමින් පැවති ඡන්දයක් බවටයි, වාර්තා වන්නේ. නව ජනාධිපතිවරයා උතුරු කොරියාවේ තර්ජන හා අන්තර්ජාතික

    සම්බන්ධතා ඉදිරියට පවත්වා ගෙන යාම පිළිබඳව යහපත් තීරණ ගනු ඇති බවට එරට ජනතාව බලාපොරොත්තු වෙයි.
    ඔහු ධුරයේ දිවුරුම් දීම ලබන මැයි මාසයේ සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 10 මාර්තු 2022 12:00

    Latest News