ඌරු හදවතක් බද්ධ කළ මිනිසා මිය යයි

මාර් 10, 2022

    සැත්කමක් මගින් ලොව පළමු වරට ඌරකුගේ හදවතක් බද්ධ කර සිටි අමෙරිකානු ජාතික 57 හැවිරිදි ඩේවිඩ් බෙනට් මියගොස් තිබේ.

    මිට මාස 02 කට පෙර ඔහුට එලෙස ඌරකුගේ හදවතක් බද්ධ කළ අතර එම සැත්කමෙන් පසු ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ බව වෛද්‍යවරුන් ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් මීට දින කිහිපයකට පෙර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරී තිබේ.

    කෙසේ වෙතත් බද්ධ කළ හදවත ඔහුගේ සිරුර මගින් ප්‍රතික්ෂේප කළේද නැද්ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත. අදාළ සැත්කම අවදානම් බව ඩේවිඩ් බෙනට් විසින් දැන සිට තිබේ. ඔහු එම ශල්‍යකර්මය පිළිබඳ පවසා තිබුණේ අඳුරේ සිට වෙඩි තැබීමක් බවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 10 මාර්තු 2022 10:15

    Latest News