අභ්‍යන්තර කටයුතු, සෞඛ්‍ය, අධිකරණ සහ සුබසාධන යන අමාත්‍යාංශ ඇතුළු තවත් අමාත්‍යාංශ රැසක් ඒ අතර වෙයි. මෙය රාජ්‍ය මට්ටමින් හෝ වෙනත් සංවිධානයක් විසින් සිදු කරන ලද්දක් බවයි, ඊශ්‍රායල බලධාරීන් සැක පළ කරන්නේ.
සයිබර් ප්‍රහාරය එල්ල වූ සැනින් හදිසි තත්වයක් ප්‍රකාශ කිරීමට එරට රජය පියවර ගෙන තිබේ. එමගින්, අනෙකු අත්‍යවශ්‍ය සේවාවන්ට අයත් වෙබ් අඩවි ආරක්ෂා කර ගැනීමට හැකි වූ බවයි වාර්තා වන්නේ.