ඊශ්‍රායල ත්‍රස්ත ප්‍රහාරයකින් පොලිස් නිලධාරින් 02ක් මරුට... BBC

ඊශ්‍රායල ත්‍රස්ත ප්‍රහාරයකින් පොලිස් නිලධාරින් 02ක් මරුට...

මාර් 28, 2022

    උතුරු ඊශ්‍රායලයේ "හඩේරා" නගරයේ ත්‍රස්තවාදීන් දෙදෙනෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින්, ඊශ්‍රායල පොලිස් නිලධාරීන් දෙනෛකු මියගොස් තිබෙනවා.

    ත්‍රස්තවාදීන් දෙදෙනා ද එරට ත්‍රස්ත මර්දන ඒකකයේ නිලධාරින් විසින් මරා දමනු ලැබුවා. ත්‍රස්තවාදීන් දෙදෙනා බස්රථ නැවතුම් ස්ථානයක සිට එකවරම ස්වයංක්‍රීය ආයුධ ගෙන, පොලිස් නිලධාරින්ට වෙඩි තබන අයුරු, සී.සී.ටී.වී. දර්ශනවල දැක්වෙනවා. අනතුරුව, පොලිස් නිලධාරින් දෙදෙනාගේ ගිනි අවි ද තුවක්කුකරුවන් විසින් පැහැරගනු ලැබුවා.

    එම අවස්ථාවේ අසල හෝටලයක සිටි ඊශ්‍රායල ත්‍රස්ත මර්දන ඒකකයේ නිලධාරින් දෙදෙනෙකු විසින් ත්‍රස්තවාදීන් දෙදෙනාට වෙඩි තබා ඝාතනය කළා. ඊශ්‍රායල අගමැති නැෆ්ටාලි බෙනට්, මෙම ත්‍රස්ත ක්‍රියාව හෙලාදැක තිබෙනවා. අතිරේක පොලිස් බලඇණි ඊශ්‍රායලය පුරා සීරුවෙන් තැබීමට එරට බලධාරීන් කටයුතුකර තිබෙනවා.

    Latest News