විල් ස්මිත්ට එරෙහිව පරීක්ෂණයක්

මාර් 29, 2022

    ඔස්කාර් සම්මාන උළෙලේ නිවේදකයෙකුට පහරදීම සම්බන්ධයෙන් සුප්‍රසිද්ධ නළු විල් ස්මිත්ට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර තිබේ. ඔහුගේ ක්‍රියාව කිසිසේත් අනුමත කළ නොහැකි බවයි ඔවුන් පවසන්නේ.

    විල් ස්මිත්ගේ බිරිඳ වන ජඩා ස්මිත්ගේ හිසකෙස් නොමැතිකම උපහාසයට ලක් කරමින් ක්‍රිස් රොක් ආමන්ත්‍රණය කිරීම හේතුවෙන් මෙම පහරදීම සිදුවිය.

    නිවේදක ක්‍රිස් රොක්ගේ ක්‍රියාව අනුමත නොකරන නමුත් වේදිකාව තුළ ප්‍රචණ්ඩත්වය අනුමත නොකරන බවයි සංවිධායකයින් පවසන්නේ. කෙසේ වෙතත් සිදුවීම සම්බන්ධයෙන් විල් ස්මිත්, ක්‍රිස් රොක්ගෙන් සමාව අයැද සිටියේය.

    ඔහු සඳහන් කළේ තමාගේ හැසිරීම කිසිසේත් නොගැලපෙන සහ සමාව ලබාදිය නොහැකි තරම් වරදක් බවයි. මෙම සිදුවීමෙන් සුළු මොහොතකට පසු විල් ස්මිත් ප්‍රථම වරට ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ කිං රිචඩ් චිත්‍රපටයේ ඔහුගේ රඟපෑම වෙනුවෙන්.

    Last modified on අඟහරුවාදා, 29 මාර්තු 2022 09:52

    Latest News