විල් ස්මිත්ට පැනවූ තහනම

අප්‍රේ 09, 2022

    සුපිරි හෙලිවුඩ් නළු විල් ස්මිත්ට වසර 10ක කාලයක් ඔස්කාර් උළෙල සහ අනෙකුත් ඇකඩමි උත්සව සදහා සහභාගී වීම තහනම් කර ඇත.

    නිවේදනයක් නිකුත් කරමින් ඇකඩමි සංවිධායකයින් කියා සිටියේ 94 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ දී “විල් ස්මිත් වේදිකාවේ ප්‍රදර්ශනය කළ සිදුවීම පිළිගත නොහැකි හා හානිකර හැසිරීම් ” බවයි. ඔහු එහිදී උළෙල නිවේදන කටයුතු සිදු කළ ක්‍රිස් රොක්ට කම්මුල් පහරක් එල්ල ක‍ළේය.

    හිසකෙස් ගැලවී යාමේ රෝගී තත්වයකින් පෙළෙන තම බිරිඳට සිදු කළ අපහාසාත්මක ප්‍රකාශයක් හේතුවෙන් ස්මිත් විසින්, රොක්ට පහර දුන්නේය.

    අනතුරුව අදාළ සිද්ධිය සිදුව පැයකට අඩු කාලයකදී ඔස්කාර් උළෙලේදී හොඳම නළුවා සම්මානය හිමි වුයේ ද විල් ස්මිත්ට වීම විශේෂත්වයකි.

    කෙසේ නමුත් අනතුරුව ස්මිත් ඔහුගේ ක්‍රියාව සම්බන්ධයෙන් සමාව අයැද ඇති අතර ඇකඩමියෙන් ද ඉල්ලා අස්වී ඇත.

    ඔස්කාර් සම්මාන උළෙල සංවිධාන කරන Academy Of Motion Picture Arts and Science, විනය ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට සිකුරාදා රැස්වී මෙම තීරණය ගෙන ඇතැයි සදහන් වේ.

    Last modified on සෙනසුරාදා, 09 අප්‍රේල් 2022 11:28

    Latest News