'බෙන්ස්' මාදිලි කිහිපයක අක්‍රමිකතාවක්

ජූනි 06, 2022

    ජර්මනියේ ලොව සුප්‍රකට මර්සිඩීස් බෙන්ස් මෝටර් රථ සමාගම ගෝලීයව අලෙවි කළ මෝටර් රථ ලක්ෂ 10කට ආසන්න සංඛ්‍යාවක් නැවතත් සේවා මධ්‍යස්ථාන වෙත ලබා ගැනීමට පියවර ගෙන තිබේ.

    2004 වසරේ සිට 2015 වසර දක්වා වෙළෙඳපොළට නිකුත් කෙරුණු මෝටර් රථ මාදිලි කිහිපයක තිරිංග පද්ධතියේ අක්‍රමිකතාවක් අනාවරණය වීම මීට හේතුව වී ඇති බවයි වාර්තා වන්නේ.

    තිරිංග පද්ධතිය දිරායාමට ලක්වන බව අනාවරණය කර ගැනුණු බවයි, සමාගම පවසන්නේ. SUV, ML වර්ගවල සහ GL මාදිලියේ මෙන්ම R පන්තියේ අධි සුඛෝපභෝගී මෝටර් රථ වලින් මෙය වාර්තා වී තිබේ.

    ගෝලීය වශයෙන් මෝටර් රථ 9 ලක්ෂ 93,407ක් මේ වන විට තම සේවා ස්ථාන වෙත ලබාගැනීමට බෙන්ස් සමාගම පියවර ගෙන තිබේ.

    මේ අතරින් රථවාහන 70,000කට ආසන්න සංඛ්‍යාවක් දැනට ජර්මනිය තුළ ධාවනය වන බව සමාගම ප්‍රකාශ කරයි.

    Last modified on සදුදා, 06 ජූනි 2022 11:05

    Latest News