නයිජීරියාවේ දේවස්ථානයක ප්‍රහාරයකින් 50ක් මරුට

ජූනි 06, 2022

    නයිජීරියාවේ කතෝලික දේවස්ථානයක තුවක්කුකරුවන් විසින් සිදු කළ ප්‍රහාරයකින් කාන්තාවන් සහ ළමුන් ඇතුළු පුද්ගලයින් 50ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඔන්ඩෝ ප්‍රාන්තයේ පොලිස් ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ, තුවක්කුකරුවන් පල්ලියේ ගොඩනැගිල්ලෙන් පිටත සහ ඇතුළත සිටි පුද්ගලයින්ට වෙඩි තබා බැතිමතුන් ඝාතනය කර ඇති බවයි.

    ප්‍රහාරයට හේතුව පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එරට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

    Last modified on සදුදා, 06 ජූනි 2022 12:27

    Latest News