'මන්කි පොක්ස්' ගෝලීය වසංගතයක් වන ලකුණු

ජූනි 06, 2022

    'මන්කි පොක්ස්' නමැති වෛරසය ඉදිරියේ දී ගෝලීය වසංගතයක් ලෙස නම් කිරීමට සිදුවනු ඇතැයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    එතරම් අවධානයක් යොමු නොකළ ද වෛරසයේ පැතිර යාම අවදානම් තත්වයකට පැමිණ ඇති බවයි, එම සංවිධානය පෙන්වා දෙන්නේ.

    මීට සතියකට පෙර අප්‍රිකාවෙන් බැහැර රටවල් කිහිපයික් 'මන්කිපොක්ස්' වෛරස ආසාදිතයන් 257 දෙනෙකු වාර්තා විය.

    බ්‍රිතාන්‍ය, අමෙරිකාව වැනි යුරෝපීය රටවල් ද ඇතුළුව මේ වන විට තවත් රටවල් 8ක පමණ වෛරසය ව්‍යාප්ත වී තිබේ. ඊයේ කෙරුණු නවතම සමීක්ෂණයකින් තහවුරු වූයේ මේ වන විට ගෝලීය ආසාදිතයන් සංඛ්‍යාව 780 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

    වෛරසය මේ වන විට තවත් රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බවට සැක කරන බවයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. දකුණු අප්‍රිකාව හා මධ්‍යම අප්‍රිකාව තුළින් ප්‍රථම වරට හඳුනා ගැනුණු මෙම වෛරසය දැනට මාරාන්තික නොවන වෛරසයක් ලෙසයි, නම් කර ඇත්තේ.

    Last modified on සදුදා, 06 ජූනි 2022 11:48

    Latest News