ගෝලීය ආර්ථික අවපාතයක් හටගැනිමේ අවදානමක්

ජූනි 08, 2022

    රුසියාව - යුක්‍රේන අර්බුදය හේතුවෙන් ගෝලීය ආර්ථික අවපාතයක් හටගැනිමේ අවදානමක් මතුව ඇතැයි, ලෝක බැංකුව පවසයි. ඇතැම් අංශවලට මෙය දැනටමත් බරපතල බලපෑම් එල්ල කර ඇති බවයි, ලෝක බැංකුව පෙන්වා දෙන්නේ.

    යුරෝපයේ ඌණ සංවර්ධිත රටවලට සහ නැගෙනහිර ආසියාවට මෙහි විශාල බලපෑම් එල්ලවිය හැකියි. ඉහළ උද්ධමනය සහ ඌණ සංවර්ධනය විශාල ලෙස එම රටවල දැකිය හැකි බව ලෝක බැංකුව සඳහන් කරයි.

    ලොව පුරා බලශක්ති සහ ආහාර මිල ගණන් විශාල ලෙස ඉහළ යමින් පවතියි. මේ හේතුවෙන් ඉදිරියේ දී ගෝලීය ආර්ථිකයට සැළකිය යුතු බලපෑම් එල්ල කරනු ඇති බවට ද ලෝක බැංකුව අනතුරු අඟවයි.

    Last modified on බදාදා, 08 ජූනි 2022 10:55

    Latest News