මියගිය යුක්‍රේන භටයින් 160කගේ සිරුරු කියෙව් නගරයට

ජූනි 08, 2022

    රුසියානු - යුක්‍රේනය යුද්ධයේදී මරියුපොල් නගරයේ පැවති සටන්වලදී මියගිය යුක්‍රේන භටයින් 160 දෙනෙකුගේ සිරුරු කියෙව් නගරයට රැගෙනවිත් තිබේ.

    ඒ මළසිරුරු හුවමාරු කර ගැනීමේ වැඩපිළිවෙළ යටතේ.

    මරියුපොල් නගරයේ ඇසොවස්ටාල් වානේ කර්මාන්ත ශාලාවේ යුද ගැටුම් මාසයකට ආසන්න කාලයක් පැවති අතර එහි සිටි යුක්‍රේන භටයින් රුසියානු හමුදාවට බාර විය.

    දහසකට අධික යුක්‍රේන භටයින් පිරිසක් රුසියානු අත්අඩංගුවට පත්ව තිබේ.

    ඔවුන් මේ වන විට රුසියානු පාලනය යටතේ පවතින නැගෙනහිර යුක්‍රේනයේ රඳවා සිටින බවයි, වාර්තා වන්නේ.

    Latest News