බර්කිනා ෆාසෝ රාජ්‍යයේ හමුදා මුරපොලකට එල්ලවූ ප්‍රහාරයකින් 11ක් මරුට... ALJAZEERA

බර්කිනා ෆාසෝ රාජ්‍යයේ හමුදා මුරපොලකට එල්ලවූ ප්‍රහාරයකින් 11ක් මරුට...

ජූනි 11, 2022

    බර්කිනා ෆාසෝ රාජ්‍ය යේ හමුදා මුරපොලකට එල්ල කළ ප්‍රහාරයකින් හමුදා භටයින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා.

    සන්නද්ධ පිරිසක් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. උතුරු දිග බර්කිනා ෆාසෝ රාජ්‍යයේ සෙනෝ ප්‍රාන්තයේ හමුදා මුර පොළකටයි, ප්‍රහාරය එල්ලවී ඇත්තේ. ප්‍රහාරකයින්ගේ අරමුණ, මුර පොළ අත්පත් කරගැනීම බවයි, බර්නිකා ෆාසෝ හමුදාව පවසන්නේ.

    කෙසේ වෙතත්, හමුදාවේ ප්‍රති ප්‍රහාර හමුවේ සන්නද්ධ පිරිස ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා. බර්නිකා ෆාසෝ හමුදාව පැවසූවේ ප්‍රහාරය හේතුවෙන් හමුදා භටයින් 11 දෙනෙකු මියගිය බවයි. ප්‍රහාරයේ වගකීම කිසිවෙකු බාරගෙන නැති අතර, අල්කයිඩා ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ කල්ලියක් එල්ල කළ ප්‍රහාරයක් බවට විශ්වාස කෙරෙනවා.

    අල්කඩියා සහ අයි.එස්.අයි.එස්. ත්‍රස්ත කණ්ඩායම් බර්නිකා ෆාසෝ සහ අසල්වැසි බටහිර අප්‍රිකානු රාජ්‍යයන්ට දැඩි තර්ජනයක් වී තිබෙනවා. මෑතක සිට එම කණ්ඩායම් එල්ල කරන ප්‍රහාර හේතුවෙන් සිය ගණන් සිවිල් වැසියන් සහ හමුදා භටයින් මියගොස් ඇති අතර, දහස් ගණනක් අවතැන්වී සිටිනවා.

    Latest News