යුක්‍රේනයේ සුවිශාල අවි ගබඩාවකට රුසියාවෙන් ප්‍රහාරයක්....

ජූනි 12, 2022

    බටහිර රටවලින් යුක්‍රේනයට ලබාදුන් යුධ අවි රැසක් ගබඩාකර තිබූ ස්ථානයකට පහරදී විනාශ කළ බව, රුසියාව ප්‍රකාශ කරනවා.

    එම ස්ථානයේ බටහිර සහ යුරෝපා රටවලින් ලබාදුන් අවි ආයුධ විශාල ප්‍රමාණයක් තිබූ බවයි, වාර්තා වන්නේ. මෙම අවි ගබඩාව යුක්‍රේනයේ ටර්නෝපිල් ප්‍රදේශයේ පිහිටා තිබූ අතර, එය විනාශ කිරීමට කලිඛර් කෲස් මිසයිල භාවිත කළ බව, රුසියානු හමුදාව පවසනවා. රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ඊට අමතරව යුක්‍රේනයට අයත් එස්-යූ-25 ප්‍රහාරක ජෙට් යානා 3ක් ඩොනෙට්ස්ක් සහ කාකිව් ප්‍රදේශයේදී විනාශ කළ බවයි. රුසියානු ප්‍රහාර හමුවේ දිනකට සිය හමුදා සෙබළුන් සියයකට වැඩි පිරිසක් මියයමින් පවතින බව, යුක්‍රේන ආරක්‍ෂක අංශ පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ, මේ වනවිට සෙබළුන් දස දහසකට අධික සංඛ්‍යාවක් ජිවිතක්‍ෂයට පත්ව ඇති බවයි.
    දිනකට යුක්‍රේන සොල්දාදුවන් සිය ගණනක් තුවාල ලබන බව ද වාර්තා වනවා. යුක්‍රේන ආරක්‍ෂක අංශ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, තම හමුදා ප්‍රහාර හමුවේ මේ වනවිට රුසියානු හමුදා සෙබළුන් 30,000ක් පමණ මියගොස් ඇති බවයි.

    Latest News