ඇල්ගේරියාවේ ලැව්ගිනිවලින් 26ක් මරුට

අගෝ 18, 2022

    උතුරු ඇල්ගේරියාවේ ලැව්ගිනිවලින් මේ දක්වා 26 දෙනෙකු මිය ගොස් තිබෙනවා. දහසකට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි, වාර්තා වන්නේ.

    ගිනි නිවීමේ භටයින් ඊයේ සවස් කාලයේ සිට ගින්න මැඩපැවැත්වීමට  දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිනවා. ඒ සඳහා හෙලිකොප්ටර් යානද  යොදවා තිබෙනවා.

    විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ,  ගින්න තවමත් පැතිරෙමින් පවතින කලාපයන්හි  නිවාස සංකීර්ණවල ජනතාව එම ස්ථානවලින් කඩිනමින් ඉවත් කෙරෙමින් පවතින බවයි.

    උතුරු ඇල්ගේරියාවේ  සෑම වසරකම මෙලෙස ලැව්ගිනි හට ගන්නා අතර, ඉකුත් වසරේ දී පමණක් ලැව්ගිනි හේතුවෙන් 90 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඉකුත් වසරේ විනාශ වී ඇති වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර ලක්ෂයකට ආසන්නයි. 

    සෑම වසරකම පරිසර උෂ්ණත්වය  ඉහළයාම හේතුවෙන් හට ගන්නා ලැව්ගිනි ගැටලුවට විසඳුමක්  සොයා ගැනීමට අපොහොසත් වීම පිළිබඳව උතුරු ඇල්ගේරියානු රජය දැඩි දෝෂාරෝපණයට  ලක්ව ඇති බවද, විදෙස් මාධ්‍යය වාර්තාවල සඳහන්.

    Last modified on බ්‍රහස්පතින්දා, 18 අගෝස්තු 2022 10:49

    Latest News