එක්සත් ජාතීන්ගේ මහලේකම්ගෙන් ප්‍රකාශයක්

අගෝ 19, 2022

    දකුණු ‍යුක්‍රේනයේ පිහිටි න්‍යෂ්ටික බලාගාරයක් අසළ සටන් කිරීම සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ලට පත්වන බව, එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස්ට් පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ, යුක්‍රේන හා තුර්කි නායකයන් දෙදෙනා සමග යුක්‍රේනයේදී පැවති සමුළුවකදී. 

    යුක්‍රේන - රුසියා යුද්ධය, යුක්‍රේනයේ නැගෙනහිර හා දකුණු ප්‍රදේශ ආශ්‍රිතව තවදුරටත් පවතිනවා. යුද ගැටුම් න්‍යෂ්ටික බලාගාර ආශ්‍රිතව සිදු කිරීමෙන්, එහි විකිරණ පරිසරයට එකතුවීමේ දැඩි අවදානමක් මතුව තිබෙනවා.

    දකුණු ‍යුක්‍රේනයේ මේ වන විට හට ගෙන ඇති යුධමය වාතාවරණය, එම ප්‍රදේශයේ ඇති ප්‍රබල න්‍යෂ්ටික බාලාගාරයකට බලපා ඇති බවයි, වාර්තා වන්නේ. මෙලෙස අවධානමක් මතුව ඇති සැෆොරොසේෆියා බගාගාරය දැනට රුසියානු හමුදා යටතේ පවතිනවා. එම නිසා යුක්‍රේන හමුදාව දැන් න්‍යෂ්ටික බලාගාරය නැවත අත්පත් කර ගැනීමට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටින බවයි, වාර්තා වන්නේ.

    ගැටුම්වල ඇති අවදානම හේතුවෙන්, එක්සත් ජාතීන්ගේ මහලේකම් හා තුර්කි නායක ‍රසෝජ් තායිප් එර්ඩොගන් එක්ව යුක්‍රේන ජනාධිපති වොලද්මීර් සෙලෙන්ස්කි සමග හමුවක් පවත්වා තිබෙනවා.

    එහිදී, සටන් අතරතුර න්‍යෂ්ටික බලාගාරය මගින් සිදුවිය හැකි හානි නවතාලීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කර ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.  

    Last modified on සිකුරාදා, 19 අගෝස්තු 2022 13:44

    Latest News