උ.කොරියාව සහ චීනය අතර භාණ්ඩ දුම්රිය ගමන් යළි ඇරඹේ

සැප් 26, 2022

    උතුරු කොරියාව සහ චීනය අතර භාණ්ඩ දුම්රිය ගමන් යළි ආරම්භ කර තිබෙනවා. දෙරට අතර, දුම්රිය ගමන් මාස 5 ක් පුරා නවතා දමා තිබුණේ, කොවිඩ් වසංගතය හේතුවෙන්.

    ඊයේ චීනයේ, ඩැංග්ඩොංග් දේශසීමා නගරයෙන් පිටත් වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් උතුරු කොරියාවේ සිංයුයිජු නගරය බලා පැමිණි බව, වාර්තා වනවා. දුම්රිය ගමන තාවකාලිකව නවතා දමනු ලැබුවේ, ඉකුත් අප්‍රේල් 29 වැනිදායි.

    ඩැංඩොං නගරය කොවිඩ්  වසංගතය හේතුවෙන් වසා තැබීමට චීන බලධාරීන් ක්‍රියා කිරීම ඊට හේතුවයි.

    කෙසේ වුවද, අමෙරිකාව ඇතුළු බටහිර රටවල් උතුරු කොරියාවට සම්බාධක පනවමින්, එය ගෝලීයව හුදෙකලා කිරීමටයි, උත්සහ කරමින් සිටින්නේ.

    Latest News