ඔත්තුසේවා පවසන්නේ, උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීමක් කිරීමට සූදානම් වන බවයි. උතුරු කොරියාව, අවසන් වරට න්‍යෂ්ටික අත්හදා බැලීමක් කරනු ලැබුවේ, මීට වසර 5 කට පෙරයි.
එහෙත්, පසුගිය සතිය තුළ පමණක් උතුරු කොරියාව, මිසයිල අත්හදා බැලීම් 7 ක් සිදු කරනු ලැබුවා.
උතුරු කොරියාව පවසන්නේ, එම මිසයිල න්‍යෂ්ටික යුද ශීර්ෂ රැගෙන යාමේ හැකියාව ඇති ඒවා බවයි. අමෙරිකාව සහ දකුණු කොරියාව පසුගිය දිනවල යුද අභ්‍යාස කිහිපයක් පවත්වනු ලැබීය.
උතුරු කොරියාව සිය මිසයිල අත්හදා බැලීම් සිදු කළේ, ඊට ප්‍රතිචාරයක් ලෙසයි.