2022 ලෝක අන්තර්ජාල සමුළුව චීනයේදී

නොවැ 09, 2022

    2022 ලෝක අන්තර්ජාල සමුළුව චීනයේ Wuzhen උප නගරයේදී ඇරඹේ.  

    අද (9) පැවති සමාරම්භක උත්සවයට එක් වූ, චීන කොමියුනිස්ට් පක්ෂයේ  මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ අමාත්‍ය Li Shulei මහතා, චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ සුබ පැතුම් පණිවුඩය ඉදිරිපත් කළේය.  විවිධ රටවල් සමග එක්ව අන්තර්ජාල අවකාශය ගොඩනැගීම සහ අපේක්ෂා සපිරි ගෝලීය ඩිජිට‍ල් සංවර්ධන මාර්ගය බිහිකිරීම සඳහා චීනයේ සූදානම ෂී ජින් පිං මහතාගේ සුබ පැතුම් පණිවුඩයෙන් පැහැදිලි කෙරිණ.

    පසුගිය දා සාර්ථකව අවසන් වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ දී චීන අන්තර්ජාල සංවර්ධනය පිළිබඳ නව උපායමාර්ග සකස් කර ඇති බව ද Li Shulei මහතා එහිදී පැවසීය. “ඩිජිටල් අනාගතයක් සඳහා පොදු අන්තර්ජාල අවකාශයක් ගොඩනැගීම” යන්න මෙවර සමුළුවේ තේමාව යි. ලොව විවිධ රටවල් හා ප්‍රදේශ 120 ක් නියෝජනය කරමින්  2100කට අධික පිරිසක් මාර්ගගත හා මාර්ගගත නොවන ආකාරයෙන් ඊට එක් ව සිටිති.

     

    අරෝෂා සමරදිවාකර - රූපවාහිනී විශේෂ වාර්තාකරු - චීනයේ බෙයිජිං නුවර සිට.... 

    Latest News