සුපිරි නළු “ෂෝන් පෙන්” සිය ඔස්කාර් සම්මානය යුක්‍රේන ජනාධිපතිට ‍පිරිනමයි

නොවැ 09, 2022

    අමෙරිකානු සුපිරි නළු “ෂෝන් පෙන්” සිය ඔස්කාර් සම්මානය තාවකාලිකව යුක්‍රේන ජනාධිපති ‍ව්ලොද්මීර් සෙලෙන්ස්කි වෙත පිරිනමා තිබෙනවා.

    කියෙව් අගනුවර, සංචාරයක නිරත වූ අවස්ථාවේ යුක්‍රේන ජනාධිපතිවරයා හමුවී මෙම ත්‍යාග හුවමාරුව සිදු වී ඇති බවයි, විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.  යුක්‍රේන ජනාධිපතිවරයා හා ෂෝන් පෙන් ‍සමීප මිතුරන් බව, වාර්තා වනවා. යුක්‍රේනය, රුසියාව පරාජයට පත් කරන තෙක් මෙම ඔස්කාර් රන් ප්‍රතිමාව යුක්‍රේන ජනාධිපතිවරයා සතුව තිබිය යුතු බවයි, ෂෝන් පෙන් ‍කියා සිටියේ.

    එය, සිය සමීප මිතුරාට යුද්ධය ජය ගැනීමට උත්ප්‍රේරණයක් වනු ඇතැයි, තමා විශ්වාස කරන බව, ෂෝන් පෙන් ප්‍රකාශ කළා. යුද්ධය ජය ගත් පසු සම්මානය යළි තමා වෙත රැගෙන එන ලෙස කියා සිටි‍ ෂෝන් පෙන්, සම්මානය, යුක්‍රේනයේ තිබීම තුළින් තමා සෘජුව යුද්ධයට සහභාගී වන බවක් හැ‍ගෙනු ඇතැයි, සංවේදීව ප්‍රකාශ කළ බව, විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

    Last modified on බදාදා, 09 නොවැම්බර් 2022 19:39

    Latest News