ළමුන් 51ක් සමග බසයට ගිනිතැබූ රියදුරු අල්ලයි

මාර් 21, 2019

    පාසල් ළමුන් 51 දෙනෙකු රැගෙන ධාවනය වෙමින් තිබූ බස් රථයක් පැහැරගත් එහි රියදුරු ඉතාලියේ මිලාන් නගරයේ දී ඊට ගිනිතබා තිබේ.

    බස් රථයේ සිටි ළමුන් පිරිස පසුපස වීදුරු බිඳ ඉන් ඉවතට ගැනීමට පොලීසිය සහ අසළ සිටි පිරිස සමත් විය. දරුවන් 51 දෙනාට හානි සිදුව නොමැති බවයි වාර්තා වන්නේ. ඇතැම් ළමුන් ආසනවලට බැඳ තබා තිබේ.

    සෙනගාල් රාජ්‍යයේ සිට සංක්‍රමණය වූ රියදුරු 47 හැවිරිදි ඉතාලි පුරවැසියෙක්. රියදුරු අත්අඩංගුවට ගැනීමට ඉතාලිය ආරක්ෂක අංශ සමත්ව තිබේ. ඉතාලියේ සංක්‍රමණික ප්‍රතිපත්තිය මෙන්ම, මධ්‍යධරනී සාගරයේ සංක්‍රමණිකයන් දියේ ගිලී මරණයට පත්වීම පිළිබඳව ද රියදුරු කෝපයේන සිටි බව බස් රථයේ ගමන් ගත් මගියෙකු පැවසූ බවයි මාද්‍ය වාර්තා කරන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 21 මාර්තු 2019 08:53

    Latest News