ඉන්දියාව සිය තෙවන සඳ ගවේෂණයට සූදානම්

ජූලි 14, 2023

    ඉන්දියාව සිය තුන්වන සඳ ගවේෂණය මෙහෙයුම අද දියත් කිරීමට සූදානම් වනවා.

    එහි අරමුණ සඳෙහි දක්ෂිණ ද්‍රැවයට චන්ද්‍ර ගවේෂණ යානයක් ගොඩබැස්වීයි.

    'චන්ද්‍රයාන් තුන' නමින් හැඳින්වෙන චන්ද්‍ර ගවේෂණය යානය අද දහවල් දියත් කිරීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම ගවේෂණ උපකරණය අගෝස්තු 23 සහ 24 යන දිනවල සඳ වෙත ළඟා වීමට නියමිත බව ඉන්දීය අභ්‍යවකාශ නිලධාරීන් පවසනවා. මෙහෙයුම සාර්ථක වුවහොත්, එක්සත් ජනපදය, පැරණි සෝවියට් සංගමය සහ චීනයට පසුව සඳ මත ගවේෂණ යානයක් ගොඩබස්වන සිව්වන රට ඉන්දියාව බවට පත්වනවා. 2008 වසරේදී දී එරට ප්‍රථම චන්ද්‍ර මෙහෙයුම දියත් කෙරුණා. එහිදී, සඳ මතුපිට ජලය සඳහා ප්‍රථම හා සවිස්තරාත්මක ගවේෂණයක් සිදු කර දිවා කාලයේ වායුගෝලයක් ඇති බව තහවුරු කර ගැනීමට හැකි වුනා. 2019 ජූලි මාසයේදී දියත් කරන ලද දෙවන චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම අර්ධ වශයෙන් සාර්ථක වුණා. එම ගවේෂණ යන්ත්‍රය ගොඩබෑමක් කිරීමට අපොහොසත් වූ අතර සඳ මතුපිටට ගොඩ බෑමේදී එය කඩා වැටී තිබෙනවා. නවතම චන්ද්‍රයාන් 3 ගවේෂණ යන්ත්‍රයේ බර කිලෝග්‍රෑම් 3,900 ක්. එහි නිෂ්පාදිත මිල රුපියල් බිලියන 6.1ක් බවයි වාර්තා වන්නේ.

    Latest News