ඔහු දකුණු කොරියාවේ සිට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
අමෙරිකානු හමුදා ප්රධානියෙකු පවසන්නේ, එම සෙබලා කුමන අරමුණින් දේශසීමාව හරහා යාමට උත්සාහ දැරුවේද යන්න තහවුරු වී නොමැති බවයි. ඔහු සමග තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ද හමුදා ප්රධානියා පවසනවා. මේ සම්බන්ධයෙන් අමෙරිකානු ආරක්ෂක අංශ විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා. හමුදා සෙබලා අත්අඩංගුවට ගැනීමෙන් පැය කිහිපයකට පසු උතුරු කොරියාව බැලස්ටික් මිසයිල දෙකක් මුහුදු කලාපයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.