එයාර් බස් 300ක් මිලදී ගැනීමට චීනය එකඟ වෙයි

මාර් 27, 2019

    එයාර් බස් වර්ගයේ ගුවන් යානා තුන්සීයකට ආසන්න සංඛ්‍යාවක් මිලදී ගැනීමට චීනය එකගවී තිබේ.

    එම ගිවිසුමට අනුව මෙම ගුවන් යානා වල ඇස්තමේන්තු වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 10කට අධික බවයි වාර්තා වේ.ප්‍රංශයේ ක්‍රියාත්මක යුරෝපීය එයාර් බස් සමාගමෙන් අදාළ ගුවන් යානා මිලදී ගැනීමට නියමිතයි.

    ඉකුත් දා ප‍්‍රංශයේ සංචාරයක නිරත වූ චීන ජනාධිපති ෂී ජින්පින් සහ ප‍්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් අතර පැවති සකච්ජාවලදී මෙම එකඟතාව පළ වී තිබේ. ගිවිසුමට අනුව එයාර් බස් ඒ 320 සහ ඒ 350 වර්ගයේ යානා ලබා ගනු ඇත. මෙලෙස චීනය එයාර් බස් යානා විශාල සංඛ්‍යාවක් මිලදී ගනු ලබන්නේ අමෙරිකා බෝයිං 737 මැක්ස් යානා ධාවනයෙන් ඉවත් කිරීමෙන් අනතුරුවයි.

    Latest News