ඉන්දියාව චන්ද්‍රිකාවක් බිම හෙළිය හැකි තාක්ෂණය අත් කර ගනී

මාර් 27, 2019

    චන්ද්‍රිකාවට පහර දිය හැකි තාක්ෂණය සහිත ලොව සිව්වන බලවතා වීමට ඉන්දියාව සමන්වෙයි.

     සජීව චන්ද්‍රිකාවක් මිසයිලයක් මඟින් බිම හෙළීමේ “ශක්ති“ මෙහෙයුම ඊයේ සාර්ථක විය. ඒ සඳහා ඉලක්කය ලෙස ඉන්දීය විද්‍යාඥයන් ඊයේ යොදා ගත්තේ භාවිතයෙන් ඉවත් කරන ලද 300km ඉහලින් කක්ෂගත ව තිබූ චන්ද්‍රිකාවකි. "ඔඩිෂා" වෙරළ තීරයෙන් යැවූ මිසයිලයට චන්ද්‍රිකාව පුරවා හැරීමට ගතවූයේ විනාඩි තුනක් තරම් කෙටි කාලයකි.මේ දක්වා මෙම තාක්ෂණ සතු අනෙක් රටවල් වන්නේ අමරිකාව රුසියාව හා චීනයයි. 

    ඉතා අසීරු මෙම මෙහෙයුම සාර්ථකව අවසන් වූ බව ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කියා සිටියේය. කෙසේ වෙතත් තම ශක්තිය කිසිදු රාජ්‍යයකට එරෙහිව යොදා නොගන්නා බව නරේන්ද්‍ර මෝදි වැඩිදුරටත් සඳහන් කළේය. අභ්‍යවකාශය යුද මෙහෙයුම් සඳහා යොදා නොගත යුතු බව ඉන්දියාවේ ස්ථාවරය වන අතර පෘථිවිය මත සිට චන්ද්‍රිකාවක් විනාශ කිරීම මෙම බලය කෝටි තුනක් පමණ වන තම ජනතාවගේ ආරක්ෂාව පිණිස ම යොදා ගන්නා බව මෝදි අවධාරණය කරයි.

    Latest News