නියඟයේ බලපෑම පැනමා ඇළටත්

අගෝ 26, 2023

    නියඟයෙන් දැඩි බලපෑමකට ලක්ව ඇති "පැනමා ඇළ" මාර්ගයේ ගමනා ගමනය, සීමා කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා. 

    ඒ, වසරක කාලයක් සඳහා යි. ඉදිරි මාස 3 තුළ දී වර්ෂාපතනයක් වාර්තා නොවුණහොත්, මෙය ක්‍රියාත්මක කරනු ඇති. පැනමා ඇළ යනු, පැනමාවේ "ඉස්මස්" ඇළ හරහා කිලෝ මීටර 82 ක් කෘත්‍රිමව ඉදිකරන ලද ජල මාර්ගයක්.

    එය, අත්ලාත්තික් සාගරය සහ පැසිෆික් සාගරය යා කෙරෙනවා. නියඟය හේතුවෙන් " පැනමා ඇළ" මේ වන විට ජල හිඟයකට මුහුණ පා සිටින බවයි, එහි පාලකයින් පවසන්නේ. එම නිසා, ඇළ මාර්ගයට ප්‍රවේශ වීම සඳහා නාවික යාත්‍රා අතර තදබදයක් සිදුව ඇති බව ද, ඔවුන් ‍පෙන්වා දෙනවා. ඉදිරි මාස 3 තුළ දී අධික වර්ෂා පතනයක් නොලැබුණහොත් නාවික යාත්‍රා පැනමා ඇළ මාර්ගයට ප්‍රවේශ වීම වසරකට සීමා කරන බවයි, ඔවුන් පවසන්නේ.

    Latest News