ඉතාලියේ මිලාන් නුවර වසර 260 කට පසු වැඩිම උෂ්ණත්වය

අගෝ 26, 2023

    ඉතාලියේ උෂ්ණත්වය අධික ලෙස ඉහළ ගොස් ඇති බව, එරට කාලගුණ විද්‍යා අංශ පවසනවා.

    වසර 260 කට පසු උතුරු දිග මිලාන් නගරයේ ඉහළම උෂ්ණත්වය ඉකුත් බදාදා වාර්තා වුණා. තපා තරංග ප්‍රවාහය හේතුවෙන් ඉතාලියේ මිලාන් නගරයේ උෂ්ණත්වය මේ වන විට උපරිම මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බවයි, එරට කාලගුණ විද්‍යා අංශ පවසන්නේ. ඉකුත් බදාදා එම නගරයෙන් සෙල්සියස් අංශක 33 ක උෂ්ණත්වයක් වාර්තා වුණා.

    එම අගය 1763 වසරෙන් පසු වාර්තා වූ ඉහළම උෂ්ණත්වයයි. ඉතාලියේ රෝමය අගනුවරින් ද ඉකුත් මාසයේ දී සෙල්සියස් අංශක 41 දශම 8 ක උෂ්ණත්වයක් වාර්තා වුණා. කෙසේ වෙතෙත් එරට‍ සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ, අධික උෂ්ණත්වයට නිරාවරණය වීමෙන් සෞඛ්‍ය ගැටලු රැසක් ඇති වීමේ අවදානමක් පවතින බවයි.

    Latest News