කළු සුදු වෛරයේ අලු යට ගිනි

අගෝ 27, 2023

    ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ජැක්සන්විල් නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් තිබෙනවා.

    බලධාරීන් පවසන්නේ කළු ජාතිකයින් තිදෙනෙකු ඉල්ලකකර ප්‍රහාරය සිදු කර ඇති බවයි.

    20 හැවිරිදි සුදු ජාතික තරුණයෙකු ජැක්සන්විල් නගරයේ වෙළඳසැලකට ඇතුළු වී එහි සිටි කළු ජාතිකයින් ඉල්ලක කර වෙඩි තැබීම  සිදු කර තිබෙනවා. පොලිසිය එම වෙළඳසැලට පැමිණෙනවාත් සමග ඔහු පොලීසිය වෙත ද වෙඩි තැබු බවයි වාර්තා වන්නේ.  

    පොලිසිය ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර පසුව වෙඩික්කරු සිය ගිනි අවියෙන් දිවි හානි කරගෙන තිබෙනවා. පොලිස් මූලික පරීක්ෂණවලින් අනාවරණයවී ඇත්තේ මෙම පුද්ගලයා කළු ජාතිකයින් පිළිබඳ ඉතා වෛරයකින් හා වර්ගවාදී මතවාදයකින් පසුවූ අයෙකු බවයි.  ඔහු සන්තකයේ තිබී ඊට අදාළ පත්‍රිකා කිහිපයක් ද  හමු වී තිබෙනවා.  

    Latest News