ජනාධිපතිවරයා පැමිණි ගුවන් යානය එරට ගුවන් සීමාවට ඇතුළු වූ පසු එහි ආරක්ෂාව සඳහා පරිවාර ගුවන් යානා දෙකක් ද යොදවා තිබිණ. හංගේරියානු අග්‍රාමාත්‍යවරයා, එම ආර්යාව, විදේශ අමාත්‍යවරයා සහ රජයේ උසස් පෙළේ නිලධාරීහු පිරිසක් ගුවන් තොටුපොළේ දී චීන ජනපති සහ ආර්යාව හරසරින් පිළිගත්හ.
කුඩා දරුවන් දෙනෛකු ෂී ජින් පිං මහතා සහ ආර්යාව වෙත පාන් සහ ලුණු ප්රදානය කර සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව එරටට පිළිගනු ලැබීම ද විශේෂත්වයකි.