ගාසා'හි රතු කුරුස කාර්යාලයටත් ෂෙල් වෙඩි ප්‍රහාරයක්

ජූනි 22, 2024

    ගාසා තීරයේ සිය කාර්යාල පරිශ්‍රයට එල්ල වූ ෂෙල් ප්‍රහාරවලින් 22 දෙදෙනෙකු මිය ගොස් ඇති බව, ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය පවසනවා.

    ප්‍රහාරවලින් කාර්යාලයට හානි සිදුව ඇතැයි ද, එම සංවිධානය කියා සිටිනවා. ඊයේ පස්වරුවේ ගාසා හි සිය කාර්යාල පරිශ්‍රයට ෂෙල් ප්‍රහාර එල්ල වූ බව, ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ, එම පරිශ්‍රය අවට නවාතැන් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පසු වූ 22 දෙදෙනෙකු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. .

    තවත් 45 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රකාශකයෙකු කියා සිටියේ, ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට අයත් ගාසා හි කාර්යාල පරිශ්‍රය ආශ්‍රිතව ප්‍රහාර සිදු කළ බවට මූලික විමර්ශනවලින් මෙතෙක් අනාවරණය වී නොමැති බවයි. කෙසේ වුවද, මානුෂීයවාදීන්ගේ සහ සිවිල් වැසියන්ගේ ජීවිත අවදානමට ලක් කරන මෙවැනි සිදු වීම් හෙළා දකින බව, ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය අවධාරණය කරනවා.

    Latest News