බංග්ලාදේශ අන්තර්වාර රජය මෙහෙයවීමට, අන්තර්වාර අග්රාමාත්යවරයා ලෙස නොබෙල් සාමත්යාගයෙන් ද පිදුම් ලැබූ මුහම්මද් යූනුස් පත් කරන බව, බංග්ලාදේශ ජනාධිපති මොහොම්මද් ෂහබුදීන් පවසා තිබෙනවා.
ඒ බංග්ලාදේශයේ විරෝධතා පවත්වන ශිෂ්ය සංගම් ඇතුළු සෙසු සිවිල් සංවිධාන කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින්.
ශිෂ්ය විරෝධතා හමුවේ, බංග්ලාදේශ අග්රාමාත්යවරිය ෂෙයික් හසීනා, අග්රාමාත්ය ධුරයෙන් ඉවත් වී, රටින් ද පලා යෑමෙන් පසු, හමුදාව විරෝධතාකරුවන්ට පැවැසුවේ, තමන් මැදිහත් වී අන්තර්වාර රජයක් පිහිටුවන බවයි.
කෙසේ
නමුත් විරෝධතාකරුවෝ ඊට දැඩි ලෙස විරෝධය දැක්වූ අතර, ඔවුන්ගේ එක හඬින් කියා සිටියේ අන්තර්වාර අග්
රාමාත්
ය ලෙස මුහම්මද් යූනුස් ත් කළ යුතු බවයි.