බංග්ලාදේශ ඇඟලුම් කර්මාන්ත දැඩි අවදානමේ

සැප් 05, 2024
    බංග්ලාදේශයේ ඇඟලුම් කර්මාන්තය මේ වන විට දැඩි අවදානමකට ලක්ව ඇති බව, වාර්තා වනවා.

    රට තුළ පසුගිය කාල සීමාවේ පැවති විරෝධතා සහ ප්‍රචණ්ඩකාරී වාතාවරණය හමුවේ ඇඟලුම් හා විලාසිතා ව්‍යාපාරයට දැඩි බලපෑම් එල්ල වී ඇති ඇත.

    ගෝලීය ඇඟලුම් සහ විලාසිතා ක්ෂේත්‍රයෙහි ප්‍රමුඛ පෙළේ රටක් බවට මේ වන විට බංග්ලාදේශය පත්ව තිබෙනවා.
    මීට පෙර දුප්පත්ම රටක් ලෙස පැවති බංග්ලාදේශය, දශක තුනකට වැඩි කාලයක් තුළ පහළ මධ්‍යම ආදායම් ලබන රටක් බවට පරිවර්ථනය කිරීමට එරට ඇඟලුම් කර්මාන්තය ඉවහල් වුණා.
    බී බී සී මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, ඇඟලුම් කර්මාන්තය මගින් බංග්ලාදේශයේ වසරකට ඩොලර් බිලියන 55 ක ආදායමක් උපයමින් පැවති බවයි.
    හිටපු අගමැතිනී ‍ෂීක් හසීනා ප්‍රමුඛ රජය නෙරපා හැරීම සඳහා රට තුළ හට ගත් විරෝධතා සහ ප්‍රචණ්ඩකාරී වාතාවරණය හමුවේ ඇඟලුම් කර්මාන්ත ශාලා 4 ක් විරෝධතාකරුවන් විසින් ගිනිබත් කෙරුණු බව සඳහන්.

    Latest News