නොනවතින යුද්ධයේ තවත් බිල්ලක්

සැප් 05, 2024
    ඊශ්‍රායලය සිදු කළ ප්‍රහාරයකින් ගාසා තීරයේ සාමාන්‍ය වැසියන් 18 දෙනෙකු මියගොස් තිබෙනවා.
    ප්‍රහාරය එල්ල වී ඇත්තේ ගාසා හි ජනාකීර්ණ ප්‍රදේශයක් වෙතයි.
    ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හාරදහසකට වැඩි පිරිසක් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට සිදුවු බව පලස්තීන බලධාරීන් පවසනවා.
    එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ ඊශ්‍රායලය ත්‍රස්තවාදීන්ට පහර දෙන ආකාරයේ උපක්‍රම භාවිත කරමින් සාමාන්‍ය වැසියන්ට ප්‍රහාර එල්ල කරන බවයි.
    ඊශ්‍රායලය ඉකුත් වසරේ ඔක්තෝම්බර් 7 වැනිදා සිට ගාසා තීරය සහ බටහිර ඉවුර ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාර වලින් මේ දක්වා හතළිස් දහස් අටසීයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.
    තවත් අනූ පන්දහසකට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.

    Latest News