අයිඑස් සංවිධානයට එරෙහිව මෙම ප්‍රහාර එල්ල කරනු ලැබුවේ අමෙරිකාව ප්රමුඛ සන්ධානය විසින්. ඔවුන් පසුගිය වසර 5 තුළ ගුවන් ප්‍රහාර 34,502ක් අයිඑස් ඉලක්ක වෙත එල්ල කර තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන බ්‍රිතාන්‍ය මානව හිමිකම් සංවිධානයක් පවසන්නේ, ප්‍රහාරවලින් මියගිය සාමාන්‍ය වැසියන්ගේ සංඛ්‍යාව දහතුන් දහසක් පමණ බවයි.